Sunday, July 10, 2016

Gunadasa kapuge

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි 

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ

සාගර වෙරළේ සොදුරු සැදැවක
රගහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී හිඳ
මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
මටද ආදරේ කියා තිබේ

සක්මන් මළුවක දෙපා ගෙවද්දී
දොඩමලු පෙම්බස් ගොළු වී යද්දී
මා සමුගෙන ඔබ වෙත පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
මටද ආදරේ කියා තිබේ

Artist Gunadasa Kapuge